Top 10 similar words or synonyms for malus

bet    0.562963

ඇපටය    0.555584

guajava    0.543620

ධජයට    0.541900

directx    0.541546

psidium    0.539073

ජවලට    0.536178

superseded    0.536164

sparc    0.534645

solaris    0.532516

Top 30 analogous words or synonyms for malus

Article Example
ඇපල් පුරාණ කැලෑ ආශ්‍රිතව වැවුනු ඇපල් මධ්‍යම ආසියාවට අයත් දකුණු කසක්ස්තානය, චීනය සහ තවත් රටවල් කීපයක් ආශ්‍රිතව වනගත කඳුකර ප්‍රදේශ වලින් සොයා ගෙන තිබේ. ඇපල් විශේෂ වගා කිරිම බොහෝ දුරට Tian Shan කඳුවැටියේ පැත්තකින් පිහිටා ඇති කැලෑ ප්‍රදේශයේ ආරම්භ වී තිබෙ න අතර එය දිගු කාලයක් තිස්සේ වර්ධනය වී ක්‍ර‍මයෙන් ජාන දෙමුහුම්කරණය මඟින් විවෘත පරාගිත බීජ බවට පත් විය. Malus sylvestris සමඟ සිදුවුන සාර්ථක ජාන හුවමාරුවෙහි ප්‍ර‍තිඵලයක් වශයෙන්, වර්තමානයේ පවතින ඇපල් Malus sieversii ට වඩා Malus sylvestris ට සමාන කමක් දක්වයි.
ඇපල් ඇපල් යනු ඇපල් ගසේ ආඵලීන පළතුර වන අතර, එය රෝස පවුලේ(Rosaceae) Malus domestica නම් කුළයට අයත් වේ. මෙය ඉතා බහුල වශයෙන් වගා කරනු ලබන පළතුරු ගස් වලින් එකක් වන අතර මිනිසුන් විසින් භාවිතා කරන genus Malus වර්ගයේ සාමාජිකයන්ගෙන් බහුල වශයෙන්ම පතළ පළතුරයි. ඇපල් කුඩා පතනශීල ගස් වල වැඩේ. ඇපල් ගස පැවත එනු ලැබෙන්නේ මධ්‍යම ආසියාවෙන් වන අතර අදටත් එහි වනගත මුතුන්මිත්තන් වන “Malus sieversii” දක්නට ලැබේ. ඇපල් ගස් වර්ෂ දහස් ගණනක් තිස්සේ ආසියාවේ සහ යුරෝපයේ වර්ධනය වූ අතර යුරෝපියානු ජනපදිකයන් විසින් එය උතුරු ඇමරිකාවට ගෙන එන ලදි. ඇපල් ක්‍රිස්තියානු සම්ප්‍රදායේ, ග්‍රීක සහ නෝවේනියානු භාෂාව ඇතුළත්ව බොහෝ සම්ප්‍රදායන්හි ආගම් වල සහ මිත්‍යා වල දක්නට ලැබේ. වර්ෂ 2010 දී ඇපල් පළතුරෙහි ප්‍රවේණික තොරතුරු, රෝග පාලනය සහ ඇපල් නිෂ්පාදනයේ වරණ අභිජනනය සම්බන්ධ වූ නව සම්මතයකට ගෙන එමින් විකේත කරන ලදි.
ඇපල් වර්ෂ 2010 දී එක් Italian-led consortium විසින් ඔවුන්, Washington State විශ්ව විද්‍යාලයේ උයන්වතු සම්බන්ධ ජාන විද්‍යාඥයින් සමඟ එකතු වී Golden delicious ප්‍රබේද උපකාරී කොට ගෙන ඇපල් වල සම්පූර්ණ ප්‍රවේණික තොරතුරු විකේත තළ බවට නිවේදනය කරන ලදි. එහි 57000 පමණ ජාන අඩංගු වන අතර එය දැනට අධ්‍යනයනය කොට ඇති ශාක ප්‍රවේණික තොරතුරු වලින් වැඩිම අගය වන අතර මිනිස් ජාන (30000 පමණ) වලටද වඩා ඉහළ අගයක් ගනියි. ඇපල් වල ප්‍රවේණික තොරතුරු වල මෙම නව හඳුනා ගැනීම විද්‍යාඥයින්ට රෝග සහ නියඟ වලට ප්‍රතිරෝදී තාවයක් දැක්වීමට දායක වන ජාන සහ ජාන විචල්‍යතා සහ අනෙකුත් අභිමත ආවේණික ලක්ෂණ හඳුනා ගැනීමේදී උපකාරී වනු ඇත. එසේම මෙම අභිමත ආවේණික ලක්ෂණ වලට පාදක වන ජාන හඳුනා ගැනිම මඟින් වඩා හොඳ වරණ අභිජනනය සඳහා විද්‍යාඥයින්ට අත්වැලක් ලබා දෙනු ඇත. එසේම මෙම නව හඳුනා ගැනීම විද්‍යාත්මක ලෝකයේ දිගු කාලීන සැක සහිත කරුණක් බවට පත් වී තිබූ ගෘහස්ත ඇපල් වල මූලාරම්භක මුතුන් මිත්තන් Malus sieversii බවට සානාථ කිරීමට උපකාරී විය.
ඇපල් Malus වල ජාන විවිධත්වයේ මධ්‍ය සළකුණ නැගනහිර තූර්කියේ පිහිටියි. ඇතැම් විට ප්‍රථමයෙන්ම වගා කළ ශාකය ඇපල් වීමට ඉඩ ඇති අතර වර්ෂ දහස් ගණනක් තිස්සේ ඇපල් ඵලය වර්ධනයට ලක් වී ඇත. ක්‍රිස්තු උපතට වර්ෂ 328 කට පෙර ආසියාවේ කසක්ස්තානයෙන් කුරු ඇපල් සොයා ගැනීමේ කීර්තිය මහා ඇලෙක්සැන්ඩර් රජුට හිමි විය. ශීත ඍතු ඇපල් එසේත් නැතිනම් සිසිර ඍතුවේ අවසාන කාලයේ නෙලනු ලබන මිදිමට ඉතා ආසන්න අවස්ථාවේ ගබඩා කරන ඇපල් වර්ෂ මිලියන ගණනක් තිස්සේ ආසියාවේ සහ යුරෝපයේද, යුරෝපීයන් සංක්‍රමණයෙන් අනතුරුව ඇමරිකාවේ සහ ආජන්ටිනාවේද ඉතා වීශේෂ ආහාරයක් විය. ජනපදිකයින් විසින් 17 වන ශත වර්ෂයේදී උතුරු ඇමරිකාවට ඇපල් ගෙන යන ලද අතර, උතුරු ඇමරිකානු මහද්වීපයේ ප්‍රථම පළතුරු වත්ත වර්ෂ 1625 ගරු විලියම් බ්ලැක්ස්ටන් විසින් බොස්ටන්හි රෝපණය කරන ලදි. උතුරු ඇමරිකාවට ස්වදේශී එකම ඇපල් වර්ගය crab apples එසේත් නැතිනම් common apples නමින් හඳුන්වයි. ඇපල් ප්‍රබේද යුරෝපයේ සිට බීජ ලෙස ගෙනවිත් උතුරු ඇමරිකාවේ පැතිරුන අතර යටත් විජිත ගොවිපල වලද වගා කිරීම සිදු කරන ලදි. 19 වන ශත වර්ෂයේ ප්‍ර‍ථම භාගයේදී එනම් 1845 දී තම ප්‍රගුණනය විදහා පාමින් උතුරු ඇමරිකාවේ තවාන් වලින් හොඳම ඇපල් ප්‍රබේද 350ක් විකුණන ලදි. 20 වන ශත වර්ෂයේදී වොෂිංටන් වල වාරි මාර්ග ව්‍යාපෘති ආරම්භ කළ අතර ඇපල් ප්‍රධාන බෝගය කර ගනිමින් පළතුරු කර්මාන්තය වර්ධනය කිරීමට ඉතා විශාල වශයෙන් මුදල් ආයෝජනයට අවස්ථාව ලබා දෙන ලදි.
ඇපල් දැනට ඇපල් වගාවන් වර්ග 7500 කට වඩා හඳුනාගෙන තිබේ. මෙම වගා වර්ග වල එකම ඇපල් මූලයෙන් ලබා ගත් ඇපල් භාවිතා කළද එහි අස්වැන්න, ගසේ ප්‍රමාණය මත මෙම වර්ග වෙනස් වෙයි. උෂ්ණත්වය සහ අර්ධශුෂ්ක දේශගුණය අනුව වෙනස් වගා වර්ග දක්නට ලැබේ. එංගලන්තයේ පරිසරය, ආහාර සහ ග්‍රාමීය කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ වගකීමක් වන ජාතික පළතුරු එකතුව, කෙන්ට් ප්‍රාන්තයේ 2000 කට වැඩි වුණු ප්‍රවේශයකට ලගා වී තිබේ. ජාතික පළතුරු එකතුවේ දත්ත ගබඩාව වර්ධනය කිරීමේ වගකීම පවතින The University of Reading ජාතික එකතුව සෙවීමේ ප්‍රවේශය ලබා දේ. මෙම විශ්ව විද්‍යාලයේ වැඩ කටයුතු, රටවල් 38 ක් සහභාගී වන Malus පිළිබඳ කණ්ඩායමේ ශාක ජාන සම්පත් පිළිබඳ යුරෝපීය සහයෝගීතා වැඩසටහනෙහි කොටසක් වෙයි. ඇමරිකාවේ ජාතික පළතුරු එකතුව පිළිබඳ දත්ත ගබඩාවේ ඇපල් වල, විශේෂයෙන්ම එක සමාන ජාන සහිත ඇපල් ප්‍රබේද වල විකල්ප නම් ඇතුළත්ව එහි ලක්ෂණ සහ මූලාරම්භය පිළිබඳ ඉතා වටිනා තොරතුරු අඩංගු වේ. මෙයින් බොහෝ වගා වර්ග නැවුම් වශයෙන් ආහාරයට ගැනීමට( අතුරුපසක් වශයෙන්) වගා කරන අතර, ඇතම් ඒවා ආහාර පිසීමේ හෝ සයිඩර් නිෂ්පාදනය කිරීමේ අදහසින් වගා කරයි. සයිඩර් නිෂ්පාදනය කිරීමට ගන්නා ඇපල් වල ඇඹුල් ගතිය ඉහළ අතර නැවුම්ව ආහාරයට ගතහොත් කහට රසැති වේ. නමුත් පානයක් වශයෙන්, අතුරුපසට ගන්නා ඇපල් වල නොමැති ඉහළ රසයක් අඩංගු වේ.