Top 10 similar words or synonyms for coty

beaux    0.992498

eau    0.991690

honduras    0.991446

hermès    0.990899

givenchy    0.990832

caron    0.989051

grojsman    0.988939

ernest    0.988547

parfums    0.988440

roudnitska    0.988418

Top 30 analogous words or synonyms for coty

Article Example
කැල්වින් ක්ලෙයින් 1969 දී අවම බවේ සුපිරි විශාරදයා ලෙස පසුව හැඳින්වෙනු ලැබූ ක්ලෙයින් මහතා වෝග් සඟරාවේ පිටකවරයෙහි නිරූපණය විය. 1971 වන විට ක්‍රීඩා ඇඳුම්, නිල කබා මෙන්ම කොමු පිළී ද ඔහුගේ කාන්තා එකතුවට එකතු වන ලදී. 1973 දී ඔහු ප්‍රථම වරට ඔහුගේ කොටස් 74කින් යුත් කාන්තා ඇඳුම් එකතුව සඳහා කොටී (coty) සම්මානයෙන් පිදුම් ලද අතර ඉන්පසුව ඔහු එකදිගට වසර 3ක් එය හිමි කරගන්නා ලදී. 1977 වන විට වාර්ෂික ආදායම ඩොලර් මිලියන 30 දක්වා පමණ ඉහළ නැගි අත් ආවරණ, සපත්තු, පටි, සිනිඳු ලෝම ඇඳුම් හා අව් කණ්ණාඩි සඳහා ද බලපත්‍ර ලැබී තිබුණි.ඒ වන විටද ක්ලෙයින් හා ෂෙවොඩ්ස් විසින් වෙන් වෙන් වශයෙන් ඩොලර් මිලියන 4 බැඟින් උපයමින් තිබිණි. සමාගම විසින් විලේපන, ඩෙනිම් හා පිරිමි ඇඳුම් සඳහා බලපත්‍රයට අත්සන් කළ පසු ක්ලෙයින්ගේ වාර්ෂික ආදායම ඩොලර් මිලියන 100 ක් බවට තක්සේරු විය. 1978 දී ක්ලෙයින් විසින් ඔහුගේ ජනප්‍රිය ඩෙනිම් 200000ක් නිපදවා ඒවා වෙළෙඳ පොළට දැමූ පළමු සතිය තුළ දීම විකිණීමේ ජයග්‍රහණය අත් කර ගන්නා ලදී.1981 දී Fortune සඟරාව ක්ලෙයින්ගේ වාර්ෂික ආදායම ඩොලර් මිලියන 8.5ක් බවට අනාවරණය කර ගන්නා ලදී. 1970 මැද භාගයේ දී ඔහු ඔහුගේ නම පසු සාක්කුවෙහි සඳහන් කරමින් නිර්මාණකරුවන්ගේ ඩෙනිම් උමතුව නිර්මාණය කරන ලදී. එම කලිසම් වයස අවුරුදු 15 ක් වන බෘක් ෂීල්ඩ් විසින් “මම හා මගේ කැල්වින් අතරට කිසිදෙයක් පැමිණෙන්නේ නැත.” හා “මට කැල්වින් 7 තිබෙන අතර ඔවුන්ට කතා කළ හැකි නම් මට සිදු වන දේ සිතා ගැනීමටත් නොහැකිය.” ලෙස පවසන ජනප්‍රිය වෙළෙඳ දැන්වීම් මඟින් අතිශය ප්‍රචාරණයකට භාජනය වන ලදී. වැඩිහිටියන් පෙනී සිටින ලිංගිකව හැඟීම අවුස්සන වාක්‍ය ඇතුලත් මතභේදයට තුඩු දෙන ප්‍රචාරණය කිරීම් තුළින් සමාගම සඳහා අදාල පරිසරය නිර්මාණය කරන ලදී. 1984 දී ක්ලෙයින් යට ඇඳුම් සඳහා ෂීල්ඩ්ස් විසින් ප්‍රචාරණය ලබා දෙන ලදී.