Top 10 similar words or synonyms for වලක

වළක    0.741698

රඳව    0.590494

නවත    0.567362

වහ    0.561479

සලස    0.556327

ගලව    0.554848

ඉඩකඩ    0.542352

අවහ    0.540395

රදව    0.539429

තබ    0.538439

Top 30 analogous words or synonyms for වලක

Article Example
වායව ජීව විද්‍යාව ජීව විද්‍යාව ශාඛාවක් වන අතර බැක්ටීරියා, දිලීර බීජාණු ඉතා කුඩා කෘමීන් හා පොලන්/ පරාග ආදී වූ නිදහසේ සුළඟේ පාවී පරිවහනය වන කාබනික අංශු පිළිබඳ අධ්‍යයනයයි. මෙම විද්‍යාවේ වැදගත් එක් ක්ෂේත්‍රයකින් වාතය හරහා යන පරාග මැන බලා ප්‍රමාණ වාර්තා කර අසාත්මිකතා ඇති අයට සේවයක් සපයයි. 2002 දී ඇල්ගී හා අනෙකුත් කුඩා ජලයෙන් උපත ලද/ පැමති ජීව සංවිධාන වළාකුළුවල/ ස්ථරයක් වෙසෙන බවට සොයා ගනී. විශාල වළාකුලක් එයට සමාන බූ සීමා විශාලත්වයකින් යුතු ඉතා නොගැඹුරු වතුර වලක ඇති තරම් ජලය ඇත. මෙම විද්‍යාවේ වෛද්‍ය විද්‍යාත්මක අතින් වැදගත් වන්නේ වාතය හරහා බෝවන රෝග පිළිබඳ අධ්‍යයනයයි. බිඳිති මඟින් බොහෝ බැක්ටීරියා හා වෛරස රෝග පැතිරේ. මෙය ඉතා වේගයෙන් වර්ධනය වන විද්‍යාවන් වන අතර ඉංජිනේරු විද්‍යාව, මැනීම් විද්‍යාව හා කාලගුණ විද්‍යාව - වල අන්තර් ක්‍රියා පිළිබඳ අදාල වේ.
නාගරික ඝන අපද්‍රව්‍ය බිම් ගොඩ වීම සිදුවන්නේ ඉඩම් තුල කුණු ගොඩගැසීම තුලිනි. කුණු දැමීමේ ක්‍රම එකිනෙකට වෙනස්ය. බොහෝ විට එය නම්කරන ලද විශාල ප්‍රදේශයක, සාමාන්‍යයෙන් වලක හෝ කුණු කන්දක විය හැක. කුණු දැමීමෙන් පසු විශාල යන්ත්‍ර මගින් කුණු සම්පිණ්ඩනය කරනු ලබයි. කුණු දමන වලවල් පිරුණු පසු එම වලවල් ප්ලාස්ටික් තහඩුවක් යොදාගෙන "මුද්‍රා" කරනු ලැබීම සහ  කුණු වල අඩි කිහිපයක් ආවරණය කරනු ලැබිම සිදුකරනු ලබයි. මෙම ක්‍රමය එක්සත් ජනපදය තුල පවතින ප්‍රාථමික කුණු දැමීමේ ක්‍රමයක් වන අතර එයට හේතුව වනුයේ අවම පිරිවැය සහ උතුරු ඇමෙරිකාව තුල භාවිතයට නොගත් ඉඩම් ප්‍රමාණය අධික විමය. බිම් ගොඩකිරීම දුෂණයේ ඇති භයානකතවය මතුකර දක්වන අතර භූ ජලය ආධුලනය කිරිමටද හැක. දුෂණයේ ලකුණු විනාශකිරීමේ සමාගම් මගින් අවරනය කරනු ලබන අතර බොහෝවිට සාක්ෂියක් දැකීමට අපහසුය. සුන් බුන් ගොඩවල් සැගවීම සදහා මෙම බිම්ගොඩ කිරීමේ ප්‍රදේශ විශාල තාප්ප වලින් හෝ වැටවල් වලින් වට කිරීම සිදු කරනු ලබයි. විශාල වශයෙන් තිබෙන දුගඳ රසායනික ද්‍රවය ඉවත් කරනු ලබන පුද්ගලයන් විසින් බිම් ගොඩ කිරීමේ ස්ථාන අසල වාතයට ඉසිම් සිදු කිරම සිදු කරනු ලබන අතර  එමගින් ශාක තුල තිබෙන අපද්‍රව්‍ය වල සාක්ෂි සැගවීම් සිදුවේ.
දළදා පෙරහැරේ ඓතිහාසික පසුබිම ඉන් අනතුරුව රජ දළදා වහන්සේ විනාශ කිරීමට කළ කී දෑ පිළිබදව මූලාශ්‍ර බොහොමයක් වාර්තා සපයයි. දීපණ්ඩු රජු අඟුරු රැසක දමා ඒ ධාතුව දවයි පැවසූ විට ඔවුහු එසේ කළහ. එකෙනෙහිම රථ රෝදයක් පමණ වූ මහ පියුමක් දළදාව පිළිගති. දාඨාවංශ විස්තරයට අනුව ඉතා දුර අහසට විහිදුණු ගිනිජාලාවන්ගෙන් යුතු ගිනිවලකට දළදාව දැමූවද දළදාවට කිසිදු හානියක් නොවී ගිනි වල තුළින්ම පැන නැගුන රන් පූෂ්පයක් මත පිහිටුවා ප්‍රාතිහාර්යය දක්වා ඇත. ඒ පිළිබද දළදා සිරිත දක්වන විස්තරය භක්ති ප්‍රමෝදිතය. මෙම උපක්‍රමය අසාර්ථක වූ තැන පඩි රජුගේ නියෝගය පරිදි වානේ කිණිහිරියක් මත දළදාව තබා තලා දැමීමට නියෝග කළහ. එයද අසාර්ථක කරමින් දළදා තොමෝ කළුගෙඩියෙහි භාගයක් ගිලී භාගයක් ගිලෙමින් කදුමුදුනකින් අඩක් නැගුණ සඳ මෙන් ගිලී ගියහ. එහි වැඩ සිටි දළදාවෙන් රශ්මි කදම්භයක් විහිදුනාහ. නිඝණ්ඨ ජනයා කල්පනා කලේ එය විෂ්ණු දෙවියන්ගේ ශාරීර අවයවයක් ලෙසය. එසේ කල්පනා කොට පැන් වඩා දළදාව කිණිහිරෙන් ගලවා ගැනිමට උත්සාහ කළද එයද අසාර්ථක විය. දළදාව කිණිහිරෙන් ඉවත් කර ගැනීමට කෙතෙක් ඇද්දැයි අසා පණ්ඩු රජු විසින් අණඛෙර යවා විමසනු ලැබීය. එම ආරාධනයෙන් සුභද්ද නම් සිටුපුත්‍රයකු පැමිණ බුදුගුණ ගයමින් පුදපූජා පවත්වා ආරාධනා කළ කල්හි දළදා වහන්සේ කිණිහිරයෙන් ඉගිලී අහසට පැන නැගී යලිත් ප්‍රාතිහාර්යය පෑ සේක.එයද නොඉවසූ මිසදිටුවෝ දළදා වහන්සේ ගැඹුරු වලක දමා ඇතුන් ලවා පාගාදැමීමට සැලැස්වීය. මේ අවස්ථාවේිම උන්වහන්සේ අහසට පැණ නැගී යලිත් ප්‍රාතිහාර්යය පෑ සේක. හතර වන වර නිඝණ්ඨයෝ දුගඳ හමන මහා අසූචි වලකට දළදා වහන්සේ දැමූහ. විසිකරන විටම ඒ වල පස්පියුමින් වැසී ගොස් ඒ මත හටගත් උස්වූ පියුමකින් බුදුරැස් විහදුවමින් ප්‍රාතිහාර්යය දැක්වීීය. මෙසේ අවස්ථා හතරකදී දළදා වහන්සේ විනාශ කිරීම විවිධ උපක්‍රම යෙදූ පඩු රජු දළදා වහන්සේගේ ප්‍රාතිහාර්යය නිසා පැහැදීමට පත්ව බුදු දහම වැළද ගත්තේය. දළදා වහන්සේට නොයෙක් අගනා සළුපිළිිවලින් දළදා වහන්සේ පුද නමස්කාර කොට යලි ගුහසීව රජුටම ගෞරවයෙන් යුතුව භාර දුන්නේය. ගුහසීව රජුද බොහෝ සතුටින් යුක්තව දළදා වහන්සේ ආපසු මහ පෙරහරින් දන්තපුරයට වඩමවා සිරිත් පරිදි දළදා පූජාවන් පවත්වා ඇත