Top 10 similar words or synonyms for තරගවල

seed    0.660899

මලල    0.639665

යමකග    0.613938

wildcard    0.576032

රහනයත    0.574074

මළල    0.567982

ෂඨ    0.552589

යමද    0.545414

nba    0.543329

තරඟයකද    0.537759

Top 30 analogous words or synonyms for තරගවල

Article Example
සතිපතා පුවත්පත් සාමාන්‍යයෙන් සතිපතා පුවත්පත්වල ප්‍රදේශ පාසල්වල හෝ ප්‍රජාවන්ගේ ක්‍රීඩා කණ්ඩායම් හෝ වෘත්තීය ක්‍රීඩා කණ්ඩායම් පිළිබඳ තොරතුරු ඇතුළත්ය. බොහෝ විට ක්‍රීඩා වාර්තාකරුවෙකු එක් ක්‍රීඩා කණ්ඩායමක් පිළිබඳ වගකීම භාරගන්නා අතර එම කණ්ඩායම පිළිබඳ විශේෂ ලිපි වාර්තා කරයි. තරගවල ඡායාරූප ද වාර්තාවට ඇතුලු කළ හැක. සමහර විට ක්‍රීඩාවට පෙර පවා උනන්දුව ඇති කරවීමේ ලිපි පලකළ හැක.
2014 අයිසීසී ලෝක විස්සයි20 තරගාවලිය ඔවුන්ගේ කාණ්ඩයෙහිදී කණ්ඩායම් කිහිපයක් සම ලකුණු ලැබූ අවස්ථාවකදී, වගුවෙහි ඔවුන්ගේ අනු පිළිවෙල සොයා දිණුම්කරු සෙවීමට පහත උපක්‍රම යෙදෙන්නේ ඉදිරි ප්‍රමුඛතා අනුපිළිවෙල අනුවය: වඩාත්ම දිනුම්, වැඩි දළ ලකුණු වේගය, සම ලකුණු දරන කණ්ඩායම් එකිනෙකා අතර තරගවල ප්‍රතිඵල. මෙම උපක්‍රම වලින් කණ්ඩායම් තෝරා බේරා ගත නොහැකි වුවහොත්, කණ්ඩායම් අනුස්ථිතිය තීරණය කෙරෙන්නේ කාණ්ඩය තුල ආරම්භක සන්තතිය සැලකිල්ලට ගනිමිනි. පළමු වටයෙහි ලකුණු සුපිරි 10 වටයට ගෙන යනු නොලැබේ.
එඩ්ගා කේසි කේසිගේ විශ්මිත හැකියාවන් පිළිබද පුවත්පත් වල පලවීමත් සමග ඔහුගේ කීර්ති රාවය දසත පැතිර ගියේය.කේසිගේ දිවැස් හැකියාවන් පිළිබද බොහෝ දෙනා විමතියට පත්විය.මේ අතර ඔහුගේ විශ්මිත හැකියාවන් පිළිබද සොයාබැලීමට ඇතැම් දෙනා පැමිනියහ.කෙසේ වෙතත් කේසි තමාගේ හැකියාවන් පිළිබද ගවේශනයට පැමිණි ඇතමුන්ට තොරතුරු හෙළි කිරීමට මුලදී අකමැතිවිය.වරක් එක් කපු වෙළෙන්දෙක් කේසිට යොජනා කළේ ඔහුගේ කියවීම් සදහා දිනපතා ඇමරිකානු ඩොලර් සියයක් ලබාදීමට කැමති බවයි.එහෙත් කේසි එම ඉල්ලීම ඉවත දමයි. ඇතමුන්ට දඩයම් සදහා සුදුසු පෙදෙස් දැනගැනීමට හා අශ්ව ධාවන තරගවල දිනන අශ්වයින් දැනගැනීමට අවශ්‍යවිය. මෙසේ අනවශ්‍ය නොවැදගත් අනාවැකි පැවසීමට කේසී අකමැතිවිය.එය තම හැකියාවන් අවභාවිතයක් ලෙස ඔහු සිතීය.අවසානයේ කේසි රෝගීන්ට පමණක් තම මෝහන ප්‍රතිකාර ලබාදීමට තීරණය කළේය.
සීමිත ඕවර් ක්‍රිකට් පළමුවන සීමිත පන්දුවාර ජාත්‍යන්තර තරගය (LOI) හෝ එක්දින ජාත්‍යන්තර තරගය (ODI) 1971 දී මෙල්බර්න් හිදී පවත්වන ලද අතර සිවු වාර්ෂික ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය 1975 දී ආරම්භ විය. ලෝක ක්‍රිකට් තරගාවලියේ ප්‍රතිඵලයක් ලෙස වර්ණවත් ඇඳුම් වැනි බොහො‍් නව්‍යකරණයන් එකතු විය. ඕස්ට්‍රේලියානු ජාතික ව්‍යවසායක කෙරී පැකර් විසින් ක්‍රිකට් සංස්ථාවෙන් පිටත “rebel” ශ්‍රේණියක් ද පවත්වන ලදී. වැඩි විස්තර සඳහා ‘ක්‍රිකට් ඉතිහාසය බලන්න. ‘Twenty 20’ ලෙස හැඳින්වෙන එක් කණ්ඩායමකට පන්දුවාර 20 බැගින් ලැබෙන එක් දින ක්‍රිකට් තරගාවලිය ප්‍රථම වරට 2003 වර්ෂයේදී එංගලන්තයේදී පවත්වන ලදී. එය බොහෝ සෙයින් ජනප්‍රිය වූ අතර, ‘Twenty 20’ තරග කිහිපයක්ම ජාතික කණ්ඩායම් අතර පවත්වන ලදී.මෙය සාමාන්‍යය ක්‍රිකට් නීති රීතිවලට වෙනස්කම් කීපයක්ම සිදු කොට ඇත. ඒ අතර සමාන ලකුණු ලැබූ තරගවල ප්‍රථිඵල තීරණය කිරීම සඳහා එකතු කළ ‘බෝල් අවුට්’ නීතිය (පාපන්දු ක්‍රීඩාවේ දඬුවම් පහරට සමාන වේ) දැක්විය හැක.
ඔලිම්පික් 1999 දී ලෝක තහනම් උත්තේජක පිටු දැකීමේ කාර්යාංශය (World Anti-Doping Agency - WADA) පිහිටුවමින් අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව වඩාත් සංවිධානාත්මක ලෙස තහනම් උත්තේජ භාවිතයට විරුද්ධ ව සටන් කිරීම ඇරඹුවේ ය. ඉන් අනතුරුව 2000 සිඩ්නි ඔලිම්පික් උළෙලේ දී සහ 2002 ශීත ඍතු ඔලිම්පික් උළෙලේ දී වාර්තා වූ තහනම් උත්තේජක භාවිතා කිරීමේ සිද්ධි ගණනේ සියුම් වැඩි වීමක් දක්නට ලැබුණි. බර එසවීමේ සහ රට හරහා හිම මත ඇවිදීමේ තරගවල පදක්කම් ලාභීන් කිහිප දෙනකුටම තහනම් උත්තේජක භාවිතයන් නිසා පදක්කම් අහිමි විය. 2006 ශීත ඍතු ඔලිම්පික් උළෙලේ දී තහනම් උත්තේජක පරීක්ෂණයෙන් අසමත් ව පදක්කම අහිමි කර ගත්තේ එක් ක්‍රීඩකයකු පමණි. අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව විසින් ස්ථාපනය කරන ලද තහනම් උත්තේජක සඳහා පරීක්ෂා කිරීමේ ක්‍රමවේදය (වර්තමානයේ එය හඳුන්වනු ලබන්නේ ඔලිම්පික් ප්‍රමිතිය නමිනි) ලොව පුරා අනෙකුත් ක්‍රීඩා සංගම් ද මූලාශ්‍රයක් කොට ගෙන භාවිතා කරයි. බීජිං ඔලිම්පික් උළෙලේ දී WADA අනුග්‍රහයෙන් අන්තර් ජාතික ඔලිම්පික් කමිටුව විසින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 3667 දෙනෙක් පරීක්ෂාවට ලක් කරනු ලැබූහ. තහනම් උත්තේජක පරීක්ෂාවට මුත්‍රා සහ රුධිර පරීක්ෂාවන් සිදු කරන ලදී. ඇතැම් ක්‍රීඩකයෝ ජාතික ඔලිම්පික් කමිටුවේ පරීක්ෂණයෙන් ම අසමත් ව සුදුසුකම් නොලැබූහ. බීජිං උළෙලේ තහනම් උත්තේජක භාවිතය නිසා සුදුසුකම් නාලැබූවේ ක්‍රීඩකයන් තිදෙනකු පමණි. ලන්ඩන් ඔලිම්පික් සහ පැරාලිම්පික් උළෙලට පෙර පරීක්ෂාවට ලක් කළ 6000කට අධික ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් 107 දෙනෙක් පරීක්ෂණවලින් අසමත් ව සුදුසුකම් නොලැබූ හ. උළෙල අතරවාරයේ දී සහ උළෙලෙන් පසු ව තහනම් උත්තේජක භාවිතය තහවුරු වූ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ අට දෙනකුට තරාවලිය අත්හිටුවනු ලැබූ අතර යගුලිය විසිකිරීමේ ඉසව්වේ ශූරතාවය දිනා ගත් නඩ්සෙයා ඔස්ටප්චක් හට රන් පදක්කම අහිමි විය.
ඔලිම්පික් 2010 වසරේ දී ඔලිම්පික් උළෙලට එක් වූ යෞවන ඔලිම්පික් නම් විශේෂ ඔලිම්පික් උළෙල වසය අවුරුදු 14 සහ 18 අතර යෞවනයන් සඳහා වෙන්වූවකි. එබඳු තරගාවලියක් ඔලිම්පික් සඳහා එක් කිරීම 2001 වසරේ දී අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති ධුරය දැරූ ජැකස් රොජ්ගේ සිතිවිල්ලක් වන අතර එය අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ 119 වන සැසි වාරයේ දී සම්මත කර ගන්නා ලදී. පළමු ග්‍රීෂ්ම යෞවන ඔලිම්පික් උළෙල 2010 වසරේ අගෝස්තු 14 සිට 26 දක්වා සිංගප්පූරුවේ පැවැත්වුණු අතර පළමු ශීත ඍතු යෞවන ඔලිම්පික් උළෙල 2012 වසරේ දී ඔස්ට්‍රියාවේ ඉන්ස්බ්රුක් හි දී පැවැත්විණ. යෞවන ඔලිම්පික් උළෙලක් සාමාන්‍ය ඔලිම්පික් උළෙලකට වඩා කෙටි වෙයි; ග්‍රීෂ්ම ඍතු ‍යෞවන ඔලිම්පික් උළෙලක් දින 12 ක් ද ශීත ඍතු යෞවන ඔලිම්පික් උළෙලක් දින 9 ක් ද පැවැත්වෙයි. ග්‍රීෂ්ම ඍතු යෞවන ඔලිම්පික් උළෙලක් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3500 දෙනෙකු හා නිළධාරීන් 875 දෙනෙකු සහභාගී කරවීමට අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව අවසර ලබා දී ඇත. එමෙන්ම ශීත ඍතු යෞවන ඔලිම්පික් උළෙලක් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 970 දෙනෙකුට හා නිළධාරීන් 580 දෙනෙකුට සහභාගී විය හැක. මෙම උළෙලක දී පැවැත්වෙන ක්‍රීඩා බොහෝ දුරට සාමාන්‍ය ඔලිම්පික් උළෙලකට සමාන වන නමුත් මිශ්‍ර යුගල සහ කණ්ඩායම් තරගවල දී සුළු සුළු වෙනස්කම් දක්නට හැක. සාමාන්‍ය ඔලිම්පික් උළෙලක දැකිය හැකි සියළුම තරග සහ පුහුණුවීම් යෞවන ඔලිම්පික් උළෙලක දී දක්නට නොලැබේ.